fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඩෙංගු වෛරසයේ දරුණුතම කාණ්ඩය දිවයින පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙයි

ITN News Editor
By ITN News Editor මැයි 19, 2023 11:28

ඩෙංගු වෛරසයේ දරුණුතම කාණ්ඩය දිවයින පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙයි

ඩෙංගු වෛරස් කාණ්ඩයට අයත් දරුණුතම කාණ්ඩයක් වන ඩෙන් ත්‍රී වසර 10කට පසු මේදිනවල දිවයින පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අවධාරණය කරනවා.

මේ වසරේ අද වන විට මෙරටින් ඩෙංගු රෝගීන් තිස් පන්දහස් හැත්ත පස් දෙනෙකු වාර්තා වී තිබෙනවා.

වැඩිම රෝගීන් සංඛ්‍යාව වන  17338 දෙනෙකු  වාර්තා වී ඇත්තේ බස්නාහිර පලාතෙන්.

බස්නාහිර පළාතේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් මෙම වසර තුළ හමුවී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්.

ඩෙංගු රෝගීන් 7904 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද කොළඹ දිස්ත්‍රික්කයෙන් 7348 වාර්තා වී තිබෙනවා.

කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 2086ක්.

එමෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් 1439 ක් මඩකලපුව දිස්ත්‍රික්කයෙන් 1493ක් පුත්තලම දිස්ත්‍රික්කයෙන් 2473 ක් ඩෙංගු රෝගීන් වාර්තා වී තිබෙනවා.

මහනුවර , රත්නපුර , ගාල්ල දිස්ත්‍රික්කවලින් ද ඩෙංගු රෝගීන් මේ වන විට සැලකිය යුතු පිරිසක් වාර්තා වී ඇති බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ ඩෙංගු අධි අවධානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 14ක් හදුනාගෙන තිබෙනවා.

එනම් දෙහිවල,පිළියන්දල,හෝමාගම,කඩුවෙල,මහරගම,මොරටුව,ගොතටුව,බත්තරමුල්ල,රත්මලාන,එගොඩෞයන,හංවැල්ල,කොළඹ මහනගර සීමාවේ ඩී 4 සහ ඩී 5 ප්‍රදේශ,කොළොන්නාව,පිටකෝට්ටේ යන ප්‍රදේශයි.

එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ ද ඩෙංගු අධි අවධානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 14ක් හදුනාගෙන තිබෙනවා.

අත්තනගල්ල,බියගම,දිව්ලපිටිය,ගම්පහ,ජාඇල,කටාන,කැලණිය,දොම්පේ,මහර,මීගමුව,මිනුවන්ගොඩ,මීරිගම,රාගම,වත්තල යන ප්‍රදේශ ඩෙංගු අදි අවධානම් කලාප ලෙස නම් කෙරුණා.

කළුතර දිස්ත්‍රික්කයේ පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොට්ඨාසය.හොරණ,බේරුවල,ඉංගිරිය ඩෙංගු අධි අවධානම්  ප්‍රදේශ ලෙස හදුනාගෙන තිබෙනවා.

නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමල,කච්ච්වේලි සහ මඩකලපුව දිස්ත්‍රික්කයේ කාත්තන්කුඩි,එරාවුර්,සිංහලාඩි යන ප්‍රදේශ ද ඩෙංගු අධි අවධානම් කලාප ලෙසයි නම් කර ඇත්තේ.

මේ අතර ඩෙංගු රෝග ව්‍යාප්තිය වැලැක්වීම පිළිබද දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වුණා.

ඩෙංගු වෛරස් කාණ්ඩ අතුරින් මේ දිනවල පැතිර යන ඩෙන් ත්‍රී නැමැති වෛරස් කාණ්ඩය හේතුවෙන් රෝගය පැතිර යාමේ ප්‍රවණතාවය ඉතා ඉහළ බව ද වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අවධාරණය කරනවා.

 

ITN News Editor
By ITN News Editor මැයි 19, 2023 11:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්