fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

14 වන ජාතික රණවිරු සැමරුම අද පස්වරුවේ

ITN News Editor
By ITN News Editor මැයි 19, 2023 11:09

14 වන ජාතික රණවිරු සැමරුම අද පස්වරුවේ

14 වන ජාතික රණවිරු සැමරුම පාර්ලිමේන්තුව ඉදිරිපිට ඇති ජාතික රණවිරු ස්මාරකය අභියසදී අද පස්වරුවේ පැවැත්වෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සැමරුම් උත්සවය වෙනුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක්ද ක්‍රියාත්මක වනවා.

මව්බිමේ ඒකීයභාවය හා භෞමික අඛණ්ඩතාව සුරකිමින් කුරිරු ත්‍රස්තවාදය මෙරටින් අතු ගා දමා වසර 14 ක් සපිරෙනවා.

අනාගත පරපුරට සාමකාමී රටක් දායාද කරන්නට විරෝධාර රණවිරුවන් තම ඇස්, ඉස්, මස්, ලේ පමණක් නොව ජීවිතද පරිත්‍යාග කළා.

ඒ ඓතිහාසික යුද ජයග්‍රහණය 2009 වසරේ නන්දිකඩාල් කලපුවෙන් සනිටුහන් කරමින් යළිත් ත්‍රස්තවාදයකට මේ බිමෙහි කිසිදු ඉඩක් නොමැති බව අපේ වීරෝදාර රණවිරුවන් ලොවටම පෙන්වා දුන්නා.

එම විජයග්‍රහණයට උර දුන් සියලු රණවිරුවන් මේ මොහොතේ අප සිහිපත් කරන්නේ ඔවුන් ඉටු කළ අමිල මෙහෙවරට ගෞරවයක් එක් කරමින්.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ජාතික රණවිරු සැමරුම් උත්සවයට අග්‍රාමාත්‍යවරයා හිටපු ජනාධිපතිවරුන් , විපක්ෂ නායකවරයා , මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් සහභාගී වනවා.

එමෙන්ම මව්බිම වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ගේ දෙමාපියන් හා විශ්‍රාමික ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට ද ජතික උත්සවයට එක්වන ලෙසට ආරාධනා කර තිබෙනවා.

රණවිරු සැමරුම් උත්සවය වෙනුවෙන් බත්තරමුල්ල පාර්ලිමේන්තු මාර්ගයේ රථවාහන ධාවනය සීමා කරන බවයි පොලිසිය පවසන්නේ.

මේ අතර රණවිරු සැමරුමට සමගාමීව යුද හමුදාවේ හා නාවික හමුදාවේ නිලධාරීන් පිරිසකට උසස්වීම් ලබා දී තිබෙනවා.

ජනාධිපතිවරයාගේ උපදෙස් අනුවයි මෙම උසස්වීම් ලබා දී ඇත්තේ.

යුද හමුදාවේ නිලධාරීන් 402 නෙකු , සෙසු නිලයන් 3348ක් සඳහා මෙසේ උසස්වීම් ලබාදෙනවා.

එමෙන්ම නාවික හමුදාවේ නිලධාරීන් 1731 දෙනෙකුටද  උසස්වීම ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

ITN News Editor
By ITN News Editor මැයි 19, 2023 11:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්