ලබන වර්ෂය මැතිවරණ වැස්සක් වහින වර්ෂයක්
Related Articles
ලබන වර්ෂය මැතිවරණ වැස්සක් වහින වර්ෂයක් යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ඊයේ අගුනකොළපැලැස්ස දහඅමුණ ජලයෝජනා ක්‍රමය ජනතයා අයිතියට පත් කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
වකමුල්ල හා අගුනකොළපැලැස්ස ජලයෝජනා ක්‍රම තිබුනත් ඒ අතර මැද පවුල් සියයකට අධික සංඛ්‍යාවක් පානීය ජල අර්බුදයට ලක් ව සිටියා.
මෙම පවුල් සඳහා ජල යෝජනා ක්‍රමයක් ආරම්භ කළත් පැවැති ආර්ථික අර්බුදය හේතුවෙන් එම පානීය ජල යෝජනා ක්‍රමය අවසන් කිරීමට නොහැකි විය.
නමුත් දහඅමුණ ජනතාව හා අමාත්‍යවරයාගේ මැදිහත්වීම මත වකමුල්ල ජල යෝජනා ක්‍රමය යටතේ දහඅමුණ ජලයෝජනා ක්‍රමයට අවශ්‍ය ජලය සම්පාදනය කිරීමට පියවර ගත්තා.
ඊයේ (18) පස්වරුවේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් එම ජල යෝජනා ක්‍රමය විවෘත වුණා.
එහිදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කරනු ලැබීය.
“අපේ සමහර දේශපාලන පක්ෂ මේ වසරේ දී මැතිවරණයක් ඉල්ලා විශාල උද්ඝෝෂණයක් කළා.
නමුත් රටේ ආර්ථිකය පවතින්නේ හොඳ තත්ත්වයක නොවෙයි.
එමනිසා මේ වසර තුළ මැතිවරණයක් පැවැත්වීමේ හැකියාවක් නැහැ.
නමුත් මම කියනවා ලබන වසර කියන්නේ මැතිවරණ වැස්සක් වහින වර්ෂයක් බව.
රජය මැතිවරණවලට බයයි කියළා සමහරු කියනවා. රජය මැතිවරණවලට බය නැහැ.
නමුත් මැතිවරණ පැවැත්විය යුත්තේ ඊට සුදුසු අවස්ථාවේ දීයි.
ඒ නිසා ලබන වසරේ මුළින්ම ජනාධිපතිවරණය පවත්වනවා.
ඊට පස්සේ ජනතාවට අවශ්‍ය නම් මහ මැතිවරණයක් පවත්වා අලුත් රජයක් පත් කර ගන්න පුළුවන්.
ඒ විතරක් නොවෙයි.
ලබන අවුරුද්දේ පළාත් පාලන මැතිවරණය හා පළාත් සභා මැතිවරණත් පවත්වනවා.
ඒ නිසා මැතිවරණ පවත්වන ලෙස ඉල්ලා කෑ ගහපු දේශපාලන නායකයින්ට පක්ෂවලට අපී කියන්නේ ලබන අවුරුද්ද තනිකරම මැතිවරණ වර්ෂයක්.
ඒ නිසා සූදානම් වෙන්න කියළා.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල එක්ක සාකච්ඡාවලට ගියොත් රටේ ජනතාවට ලබා දෙන සහන කපා හරිනවා කියළා විපක්ෂය චෝදනා කළා.
IMF කියන්නේ බිල්ලෙක් නොවෙයි.
අපි රජය වශයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් එක්ක කළ සාකච්ඡාවල දී මහජනතාවට ලබා දෙන සහන කිසිවක් කැපීමට කතා කළේ නැහැ.
IMF එක අපිට එහෙම යෝජනා කළෙත් නෑ.
ඒ නිසා අපි මහජනතාවට ලබා දෙන සහන රැක ගනිමින් IMF එකත් සමග කටයුතු කිරීමට අපිට හැකි වුණා.
සමහර ආර්ථික ඔස්තාර්ලා, ආර්ථික විශේෂඥයෝ කිව්වා රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය මේ අවුරුද්ද වන විට රුපියල් 400ත් 500ත් ඉක්මවයි කියලා.
නමුත් කියන්න කැමැතියි ඊයේ වනවිට ඩොලරය රුපියල් 300යේ අගයෙනුත් පහළට ගියා.
රුපියලේ අගය වැඩි වීමේ වාසිය අපි මහජනතාවට ලබා දෙනවා “යැයි ද අමාත්‍යවරයා සඳහන් කළා.