fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සාමාන්‍ය පෙළ සමත් අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට ශිෂ්‍යත්ව ප‍්‍රදානය කෙරේ

ITN News Editor
By ITN News Editor මැයි 19, 2023 06:05

සාමාන්‍ය පෙළ සමත් අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට ශිෂ්‍යත්ව ප‍්‍රදානය කෙරේ

ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතාගේ සහභාගීත්වයෙන් යුතු ව ඊයේ දින(18) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අ.පො.ස සාමාන්‍ය පෙළ ඉහළින් සමත් එහෙත් අඩු ආදායම්ලාභී ආර්ථික දුෂ්කරතා සහිත පවුල්වල සිසු-සිසුවියන්ගේ උසස් පෙළ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ශිෂ්‍යත්ව ප‍්‍රදානය කිරීම සිදු කෙරුණා.

මෙම ශිෂ්‍යත්ව වැඩසටහන ඉන්දීය රජයේ අනුග‍්‍රහය මත ශ‍්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය හා අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධ ව 2006 වර්ෂයේ සිට ක‍්‍රියාත්මක කරනු ලබයි.

ඉන්දියානුවන් අවිහිංසාවාදයේ පියා ලෙස හඳුන්වන මහත්මා ගාන්ධිතුමාගේ ගුණානුස්මරණය පිණිස මහත්මා ගාන්ධි ශිෂ්‍යත්ව ලෙසින් මෙම ශිෂ්‍යත්වය නම් කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor මැයි 19, 2023 06:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්