එක්ස්ප්‍රස් පර්ල් – වන්දි ප්‍රමාද කිරීමට මූල්‍ය වංචාවක්? විමර්ශන අරඹයි
Related Articles
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ හානියට වන්දි ලබාගැනීමට නඩු පැවරීම ප්‍රමාද කිරීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියන 250 ක මූල්‍ය වංචාවක් සිදුවී ඇති බවට ලද තොරතුරු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.
ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ මෙම පුවතට අදාළව තොරතුරු සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මගින් කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවේ දැනුම් දුන්නේ.
සිද්ධිය සම්බන්ධ විමර්ශන සිදු කර අධිකරණයට වාර්තා කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එතෙක් නඩු ගොනුව වසා තබන ලෙසද දැනුම් දුන්නා.