fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගූගල් ගිණුම් ගැන ගූගල් සමාගම නිවේදනයක්

hasiniek
By hasiniek මැයි 18, 2023 16:19

ගූගල් ගිණුම් ගැන ගූගල් සමාගම නිවේදනයක්

භාවිතයට නොගන්නා ගූගල් ගිණුම් ඉවත් කිරීම සඳහා එහි හිමිකාරීත්වය දරණ Alphabet සමාගම තීරණය කළ බව එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසනවා

ඒ අනුව Alphabet සමාගම තීරණය කර ඇත්තේ වසර දෙකකට වඩා වැඩි කාලයක් අක්‍රීය තත්ත්වයේ පවතින ගිණුම් ඉවත් කිරීමටයි.

2022 වසරේ දෙසැම්බර් මාසයේ සිට වසර දෙකක කාලයක් අක්‍රීය ගිණුම් මෙලෙස ඉවත්කිරීමට පියවර ගන්නා බව එම සමාගම වැඩිදුරටත් පවසන්නේ.

විවිධ ගිණුම් වෙත අනවසරයෙන් පිවිසීම ඇතුළු නීතිවිරෝධී ක්‍රියා වැළැක්වීම සහ ආරක්ෂක හේතුන් සැළකිල්ලට ගනිමින් ගූගල් සමාගම මෙම තීරණය ගෙන තිබෙනවා.

මෙම තීරණයත් සමග Gmail, Google Drive, Google Workspace, Google Photos සහ ගූගල් ගිණුම් හරහා YouTube වෙත එක්කර ඇති වීඩියෝවන්ද ඉවත්ව යනු ඇති.

hasiniek
By hasiniek මැයි 18, 2023 16:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්