fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහවැලි ගම්මානයට පැමිණි වන අලියාව ගම්වැසියන් නාවා කවා පොවා ප්‍රතිකාර කරයි

ITN News Editor
By ITN News Editor මැයි 18, 2023 10:33

මහවැලි ගම්මානයට පැමිණි වන අලියාව ගම්වැසියන්  නාවා කවා පොවා ප්‍රතිකාර කරයි

ගිරාඳුරුකෝට්ටේ,  මහවැලි  ගම්මාන වලට  වන අලි ගම්වැදීම නිතර සිදු වනවා.

සමහර දවස්වල වන අලි රංචු වශයෙන් ගම්වදිති.  අලි මිනිස් ගැටුම්  නිතර  අසන්නට දකින්නට ලැබේ . මාදුරුඔය සහ වස්ගමුව, වනෝද්‍යාන දෙක මැදිව මහවැලි ගම්මාන පිහිටි ඇති නිසා  , වනෝද්‍යාන දෙක හරහා වන අලි ගමන් කරන අතර එහිදී අලි ගම්වැදීම නිතර සිදුවන්නකි.

ඊයේ 17 දින අසාධ්‍ය තත්වයේ පසුවුන වන අලියකු  ගිරාඳුරුකෝට්ටේ තෙල්දෙණියාය මහවැලි ගම්මානයේ  තෙල්දෙණියාය වෙල්යායේ කුඹුරක වැටී සිටියදී ගම්වාසීන් දැක මේ පිළිබඳව ගිරාඳුරුකෝට්ටේ අලිපාලන ඒකකයට දන්වා තිබේ.

වනජීවී නිලධාරීන් පැමිණෙන තුරු තෙල්දෙණියාය ගම්වැසියන් මෙම වන අලියාට ආහාර ලබා දීම සහ ජලයෙන් නෑවීම , අව්වෙන් ආරක්ෂා කිරීම ඇතුළු සත්කාර කිරීම දක්නට ලැබුණි.

පසුව  අලි පාලන ඒකකයේ වනජීවී නිලධාරීන් විසින් රන්දෙනිගල වනජීවි කලාප භාර පශු වෛද්‍ය අකලංක පිනිදිය වෛද්‍ය වරයාට දන්වා තිබේ.. එහි පැමිණි වෛද්‍ය වරයා ඇතුළු නිලධාරි පිරිස ගම්වාසීන්ගේ සහය ඇතිව ප්‍රතිකාර සිදුකලේ මහත් පරිශ්‍රමයක් දරමින්ය.

වයස අවුරුදු 15 පමණ වන මෙම සත්වයා පිරිමි  සතකි.

උස අඩි 6 ක් වේ. පශු වෛද්‍ය අකලංක පිනිදිය මහතා ප්‍රකාශ කළේ මෙම සත්වයා යම්කිසි රෝගී තත්ත්වකින් පෙලෙන අතර යම් ආබාධ තත්ත්වයක් ඇතිවී ඇද වැටෙන්නේ ඇති බවත් දැනට අවශ්‍ය ප්‍රතිකාර සිදුකර ඇති බවයි..

ITN News Editor
By ITN News Editor මැයි 18, 2023 10:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්