fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දකුණු මුහුදේදී මත්ද්‍රව්‍ය තොගයක් සමඟ 6 දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor මැයි 18, 2023 09:56

දකුණු මුහුදේදී මත්ද්‍රව්‍ය තොගයක් සමඟ 6 දෙනෙකු අත්අඩංගුවට

නාවික හමුදාව දකුණු මුහුදේදී මත්ද්‍රව්‍ය අතිවිශාල තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් 6 දෙනෙකු ද සමඟයි.

රාජ්‍ය බුද්ධි සේවාව හා ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව සිදු කළ බුද්ධි මෙහෙයුමකින් ලද තොරතුරකට නුවයි මෙම වැටලීම සිදු කෙරුණේ.

දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී  මෙලෙස අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය කොළඹ වරාය වෙත රැගෙන ඒමට නියමිතයි.

අනතුරුව අදාළ මත්ද්‍රව්‍ය තොගය කොපමන ප්‍රමාණයක් ද යන්න නිශ්චය කර ගැනීමට නියමිතයි.

කෙසේ වෙතත් එම ප්‍රමාණය කිලොග්‍රෑම් 200 කට අධික වනු ඇති බවයි වාර්තා වන්නේ.

 

ITN News Editor
By ITN News Editor මැයි 18, 2023 09:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්