fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යුක්‍රේන හා චීන නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක්

ITN News Editor
By ITN News Editor මැයි 18, 2023 09:35

යුක්‍රේන හා චීන නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක්

යුක්‍රේන හා චීන නියෝජිතයින් අතර යුක්‍රේන රුසියා සාම සැලැස්ම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.

යුක්‍රේන විදේශ අමාත්‍යවරයා හා චීනයේ යුරෝඑෂියා කලාපයේ විශේෂ නියෝජිතයා අතර කියෙව් අගනුවර දී මෙම විශේෂ සාකච්ඡාවක් සිදු කෙරුණා.

යුක්‍රේනයට අයත් භූමියෙන් කිසිදු කොටසක් රුසියාවට අයත් වන පරිදි සැකසූ සාම යෝජනාවලියකට තම රට කිසිවිටක එකඟතාව පළ නොකරන බවයි යුක්‍රේන විදේශ කටයුතු අමාත්‍යවරයා මෙහිදි සඳහන් කර සිටියේ.

යුධ මෙහෙයුම් අරතුරදි මේ වන තෙක් රුසියාව අත්පත් කර ඇති යුක්‍රේනයට අයත් සියලු භූමි භාගයන් නැවත යුක්‍රේනයට භාරදීම සිදුකළ යුතු බව ද ඔහු මෙහිදි පෙන්වා දුන්නා.

එළඹෙන සාම ගිවිසුම හරහා යුක්‍රේනයේ ස්වෛරීත්වයට හා භෞමික අඛණ්ඩතාවයට හානියක් සිදු නොවිය යුතු බව ද යුක්රේන විදේශ කටයුතු අමාත්‍යවරයා චීන නියෝජිතයාට සඳහන් කළා.

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 18, 2023 09:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්