අධික ලෙස බිමත්ව සිටි පුද්ගලයෙකු ත්‍රිරෝද රථයෙන් බැස ප්‍රපාතයකට පෙරලිමෙන් දෙදරු පියෙකු ජිවිතක්ෂයට පත් වි ඇති බව බගවන්තලාව පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සම්පත් බණ්ඩාර මහතා පවසනවා.
මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ රත්නපුර බඹරලකන්ද හපුගස්තැන්න ගල්ලෑල්ල ප්‍රදේශයේ පදිංචි මුන්මුර්ති සන්ජම් නැමති 34 හැවිරිදි පුද්ගලයෙකි.
මිය ගිය දෙදරු පියා වසර 15 කට පමණ පසු රත්නපුර ප්‍රදේශයේ සිට බගවන්තලාව පොලිස් වසමට අයත් ටින්සින් වතුයායේ සිය ඥාතියෙකු බැලීමට පවුලේ සමාජිකයන් සමග පැමිණ ඊයේ පස්වරුවේ බගවන්තලාව නගරයට පැමිණ තවත් ඥාතියෙකු සමඟ මත්පැන් පානය කර ආපසු එම ත්‍රිරෝද රථයෙන්ම නිවස කරා ගමන් කරන අතරතුර ඉදිරියෙන් පැමිණි ත්‍රිරෝද රථයකට ඉඩ ලබාදීමට මරණකරු ගමන් ගත් ත්‍රීරෝද රථය නතර කල අවස්තාවේ මරණකරු ත්‍රිරෝද රථයෙන් බැස ඉදිරියට යාමට උත්සහ කිරිමේදී ප්‍රපාතයට වැටි ජිවිතක්ෂයට පත් වී ඇති බවයි බගවන්තලාව පොලීසියේ ස්ථානාධිපතිවරයා කියා සිටියේ.
ප්‍රපාතයට වැටුණු දෙදරු පියා ප්‍රදේශවාසින් එක්ව බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කරන අවස්තාවේ මියගොස් සිටි බවත්,මරණකරු ගමන් ගත් ත්‍රිරෝද රථයේ රියදුරු සැකපිට අත්අඩංගුවට ගත් බවද ස්ථානාධිපතිවරයා පැවසුවා.
ප්‍රපාතයට වැටී මිය ගිය දෙදරු පියාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරිය වෙත යොමු කරන බව බගවන්තලාව පොලීසිය පැවසිය.