fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අගමැති කාර්යාලයට අයත් සුඛෝපභෝගි රථයකින් මගුලේ ගිහිල්ලා

ITN News Editor
By ITN News Editor මැයි 18, 2023 08:06

අගමැති කාර්යාලයට අයත් සුඛෝපභෝගි රථයකින් මගුලේ ගිහිල්ලා

අලුත්වැඩියා කිරීම සඳහා ප්‍රධාන පෙළේ රථවාහන අලුත්වැඩියා ආයතනයකට භාරදී තිබූ අගමැති කාර්යාලයට අයත් සුඛෝපභෝගි කාර් රථයක් එම සමාගමේ ආරක්‍ෂක නිලධාරියකුගේ ඉල්ලීම පරිදි විවාහ මංගල්‍යයකට සහභාගීවීමට රැගෙන යෑම සිදුකළ කුලී රථ රියැදුරෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මහතා ඊයේ වසර 15 කට අත්හිටවූ වසර දෙකක සිරදඬුවමක් නියම කර රුපියල් එල්ලක්‍ෂ පනස් දහසක(150000) දඩයකට යටත් කළා.

නඩුව කැඳවූ අවස්ථාවේදී නීතිඥ රවීන්ද්‍ර සෙනරත් මහතා මගින් වරද පිළිගත් දයාන් නිරංග නමැති විත්තිකරුට එල්ල වී තිබූ විකල්ප චෝදනාවට එනම් සොරබඩු සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට දඬුවම් නියම නොකළ විනිසුරුවරයා එකී දඩය ගෙවා අවසන් වනතුරු ඔහුට විදේශගතවීම වළක්වමින් තහනම් නියෝගයක්ද නිකුත් කර තිබේ.

මුල් අවස්ථාවේදීම තමන් අතින් සිදුවූ වරදට පශ්චාත්තාප වී වරද පිළිගත් විත්තිකරු කුඩා දරුවන් තිදෙනකුගේ පියකු වන බැවින් සිරදඬුවම් ක්‍රියාත්මක කළහොත් ඔහුගෙන් පෝෂණය වන කුඩා දරුවන්ට අගතියක් විය හැකි බව පෙන්වා දෙමින් එලෙස ලිහිල් දඬුවම් ලබාදීමට විනිසුරුවරයා නියෝග කළා.

එකී වාහනය භාර දී තිබූ රථ වාහන අලුත්වැඩියා ආයතනයේ ආරක්‍ෂක නිලධාරියා එම නඩුවේ පළමුවන විත්තිකරු ලෙස නම්කොට තිබුණි.

ඔහුට එරෙහි නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ලබන ජූලි 31 වැනිදා කැඳවීමට ද විනිසුරුවරයා නියෝග කළේය.

රටේ අගමැතිවරයාගේ කාර්යාලයට ලබාදී ඇති වාහනයක් එලෙස සාපරාධි ලෙස භාවිත කිරීම ඉතා බරපතළ වරදක් බව විනිසුරුවරයා පැවැසීය.

යම් හෙයකින් එවැනි වාහනයක් රැගෙන ගොස් මිනීමැරීමක් හෝ වෙනත් අපරාධයක් සඳහා යොදා ගත්තේ නම් එකී වරදේ ස්වභාවය කෙතරම් වියහැකි දැයි විනිසුරුවරයා විමසා සිටියා.

ITN News Editor
By ITN News Editor මැයි 18, 2023 08:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්