ජනපතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්
Related Articles
විදුලිය,ඛනිජතෙල් හා රෝහල් සේවා අත්‍යවශ්‍ය සේවා බව පවසමින් ජනාධිපතිවරයා නව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සදහා අදාළ අත්‍යවශ්‍ය සේවාවන්ට අවහිරයක් හෝ බාධාවක් විය හැකි බව සැලකිල්ලට ගනිමිනුයි මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන්නේ.
ඕනෑම රාජ්‍ය සංස්ථාවකින් දෙපාර්තමේනතුවකින් පළාත් පාලන ආයතනයකින් සමූපකාර සමිතියකින් සපයනු ලබන එම සේවා අත්‍යවශ්‍ය සේවා බවට ප්‍රකාශයට පත් කර තිබෙනවා.
විදුලි සැපයීම සම්බන්ධ සියලු සේවාවන් ඒ අතර වනවා.
ඛණිජතෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම ද අදාළ අත්‍යවශ්‍ය සේවා ගණයට අයත්.
රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත්ශාලා හා වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම, පිලිගැනීම, ප්‍රතිකාර කිරීම ආදී සියලුම සේවා අත්‍යවශ්‍ය සේවා වනවා.