fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති අනුර කුමාර දිසානායක මහතා හමුවෙයි

ITN News Editor
By ITN News Editor මැයි 18, 2023 06:00

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති අනුර කුමාර දිසානායක මහතා හමුවෙයි

ශ්රී ලංකාවේ ප්රංශ තානාපති ජෝන් ෆ්රාන්සුවා පැක්ටෙට් (Jean-François Pactet) මහතා සහ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා අතර හමුවක් ඊයේ පස්වරුවේ ජ.වි.පෙ. ප්රධාන කාර්යාලයේදී සිදු විය.
මෙම සාකච්ඡාව සඳහා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් සහෝදරයාද එක්ව සිටියා.
මෙම හමුවේදී ශ්රී ලංකාවේ මේ වන විට පවතින ආර්ථික හා දේශපාලන තත්වය පිළිබඳව සාකච්ඡාවට ලක්වූ අතර ත්රස්තවිරෝධී පනත සහ මැතිවරණ කල් දැමීම යන ප්රජාතන්ත්ර විරෝධී තත්වයන් පිළිබඳවද අවධානය යොමු කෙරිණි.
එසේම ශ්රී ලංකාව සහ ප්රංශය අතර රාජ්යතාන්ත්රික සබඳතාවන්ට මෙම වසරේ වසර 75ක කාලයක් සම්පූර්ණ වීම පිළිබඳව සැලකිල්ලට ලක් කරමින් ජාතික ජන බලවේගය අඛණ්ඩ ශ්රී ලංකා – ප්රංශ සබඳතාවට සුබපැතුම් පිරිනැමීමටද මෙය අවස්ථාවක් කර ගත්තේය.
ITN News Editor
By ITN News Editor මැයි 18, 2023 06:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්