fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හිමිකරුවන්ට එරෙහිව ශ්‍රී ලංකාව සිංගප්පූරුවේ නඩු පවරයි

ITN News Editor
By ITN News Editor මැයි 17, 2023 18:48

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හිමිකරුවන්ට එරෙහිව ශ්‍රී ලංකාව සිංගප්පූරුවේ නඩු පවරයි

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හිමිකරුවන්ට එරෙහිව ශ්‍රී ලංකාව සිංගප්පූරුවේ නඩු පවරා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා හිමිකම්කරු ලෙස නම් කරමින් විත්තිකරුවන් 6 දෙනෙකුට එරෙහිවයි නීතිපතිවරයා විසින් මෙම හිමිකම් පෑමේ ඉල්ලීමක් ගොණු කර තිබෙන්නේ.

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් සිංගප්පූරු මහාධිකරණය හමුවේ හිමිකම් පෑමේ ඉල්ලීමක් ගොණු කළ බව අතිරේක සොලිසිටර් ජෙනරාල් පරිපාලන චේතිය ගුණසේකර මහතා ප්‍රකාශ කළා.

මෙම ඉල්ලීම ගොණු කෙරුණේ පසුගිය 25 වනදායි. මේ පිළිබද නඩු විභාගය පසුගිය 15 වනදා සිංගප්පූරු මහාධිකරණය හමුවේ කැදවනු ලැබුවා.

නඩුව පිළිබද වැඩිදුර පසු විපරමක් ජුනි 01 වනදා පැවැත්වීමට සිංගප්පූරු ජාත්‍යන්තර වානිජ අධිකරණයේ නීතිරීති මත පදනම්ව සිංගප්පූරු ජාත්‍යන්තර වානිජ අධිකරණය වෙත නඩුව මාරු කිරීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව මේ වන විට සළකා බලමින් සිටිනවා.

ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් නඩු පැවරිම ඉදිරී නඩු කටයුතු කළමනාකරණය සදහා සිංගප්පූරු නීති සමාගමක් කැබිනට් අනුමැතිය සහිතව පත් කර තිබෙනවා.

2021 මැයි 20 වනදා සිංගප්පූරු ධජය සහිත මෙම යාත්‍රාව ශ්‍රී ලංකාවේ බටහිර වෙරළට ඔබ්බෙන් ගිලීමට ලක් වුණා. අනතුරුදායක භාණ්ඩ සහිත කන්ටේනර් 81 ක්, නියිට්‍රික් අම්ලය ටොන් 25 ක් ඉන්ධන ටොන් 348 ක් සහ ප්ලාස්ටික් නිෂ්පාදන සෑදීමට භාවිතයට ගන්නා ප්ලාස්ටික් කැට බිලියන 75 ක් සහිත කන්ටේනර් 1488 ක් එම නෞකාවේ රැගෙන යමින් තිබුණා.

 

 

ITN News Editor
By ITN News Editor මැයි 17, 2023 18:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්