fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

SLSI සහතිකය නොමැති ටින් මාළු වෙළඳපොළේ තිබෙනවා නම් පාරිභෝගික අධිකාරිය දැනුවත් කරන්න

ITN News Editor
By ITN News Editor මැයි 17, 2023 16:38

SLSI සහතිකය නොමැති ටින් මාළු වෙළඳපොළේ තිබෙනවා නම් පාරිභෝගික අධිකාරිය දැනුවත් කරන්න

නව තාක්ෂණය හා  ඩිජිටල්කරණය  හරහා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මට්ටමට සමාගාමීව ජාතික   ප්‍රමිතීන් හඳුන්වා දීමට  පියවර ගෙන ඇති බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා අවධාරණය කරයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ   ශ්‍රී ලාංකීය ජනතාව ට  තවදුරටත්   උසස් මට්ටමේ   නිෂ්පාදන ලබා දීම  සඳහා   ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය  තුල  තාක්ෂණික අංශයේ   ප්‍රතිසංස්කරණ   ඇති කිරීම සඳහා කඩිනම් පියවර ගෙන ඇති  බවයි.

ඒ මහතා මේ බව කියා සිටියේ   ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ  වත්මන් ක්‍රියා කාරිත්වය සම්බන්ධයෙන්  සොයා බැලීම සඳහා ඊයේ  පස්වරුවේ එම ආයතනයේ   සිදුකළ  නිරීක්ෂණ සංචාරයෙන් අනතුරුව මාධ්‍ය  හමුවේ අදහස් දක්වමිනි.

මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා.

” ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මෙරට ප්‍රමිති සහතිකය නිකුත් කරන එක ම ආයතනය යි.  ලෝකයේ  අන්තර් ජාතික මට්ටමේ ප්‍රමිතීන් වලට  සමාගාමීව  ශ්‍රී ලංකාව තුළ  ද   නව ජාතික  ප්‍රමිතීන්   හඳුන්වා දීම  කාලෝචිත පියවරක්, මේ වන විට ජාතික ප්‍රමිති  4000  ක් සඳහා  සහතික නිකුත් කර තිබෙනවා. 

අපගේ අභිලාෂය වන්නේ  ඉදිරි වසර  පහ   ඇතුළත   එය   10000 ක් දක්වා  ඉහළ දැමීමයි. 

රට තුළ  නිෂ්පාදනය කරනු ලබන  ටිං මාළු  වල  ප්‍රමිතිය  සහතික කරන්නේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයයි.

ඒ වගේම  ආනයනය කරන  ටිං මාළු වල  ජාත්‍යන්තර  ප්‍රමිතිය  යටතේ  එම  නිෂ්පාදන පවතින්නේද  යන්න    විමර්ශනය කරනු ලබන්නේ ද  ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයයි.  

ඒ වගේ ම   බෝතල් කළ පානීය ජල ය සම්බන්ධයෙන්  පරීක්ෂා කර ප්‍රමිති සහතිකය නිකුත් කිරීමත් මේ ආයතන  මගින්  සිදුකරනවා.  

පානීය ජල බෝතල්  වල   SLSI සහතිකය තිබේද යන්න  සොයා බලා  භාවිතා කිරීම  පාරිභෝගික ජනතාව ගේ  වගකීමක් ,
අපි පාරිභෝගික ජනතාව ගෙන් ඉල්ලා සිටින්නේ  දේශිය වශයෙන්  නිෂ්පාදනය  කරනු ලබන  ටිං  මාළු  වල  SLSI සහතිකය  නොමැති නම්  ඒ පිළිබඳව වහාම   පාරිභෝගික අධිකාරිය   දැනුවත් කරන  ලෙස යි.  

SLSI සහතිකය  තිබේදැයි  සොයා බලා භාණ්ඩ මිල දී  ගැනීම  ට පාරිභෝගික ජනතාව  උනන්දු විය යුතුයි,  එමෙන්ම  ප්‍රමිති සහතිකය නිකුත් කළ  ආහාර ද්‍රව්‍ය සහ භාණ්ඩ  සම්බන්ධයෙන්  ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය  විසින් ශ්‍රී ලංකා   පාරිභෝගික අධිකාරිය  නිරන්තරයෙන්  දැනුවත් කරනු ලබනවා. 

ඒ අනුව  භාණ්ඩ  48 ක්  සඳහා  ප්‍රමිති සහතිකය  නිකුත් කෙරේ, ඒ අතර ආහාර ද්‍රව්‍ය  7 ක් ද ඇතුළත් වනවා,   මේ වන විට  ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සතු තාක්ෂණය  පුළුල් කිරීමට  ත්, ලෝකයේ  ඉහළ තාක්ෂණය  ඒ සඳහා  යොදා ගැනීමටත් පියවර  ගෙන තිබෙනවා.

එමෙන්ම ඉදිරියේදී   ඩිජිටල් තාක්ෂණය භාවිතා කර  ඒ කටයුතු   වේගවත් ව සිදුකිරීමට   සැලසුම් කර තිබෙනවා.  ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය , මහා භාණ්ඩාගාරය මත යැපෙන  ආයතනයක්  නොවේ.

තාක්ෂණ අමාත්‍ය වරයා ලෙස  අතිගරු ජනාධිපති තුමා   බලාපොරොත්තු වන්නේ  මෙම ප්‍රමිති ආයතනය හරහා  මෙරට ජනතාවට  උසස් ගුණාත්මක   නිෂ්පාදන ලබා දීම සඳහා අවශ්‍ය  සැලසුම් සකස් කිරීම යැයිද, කනක හේරත් මහතා  වැඩිදුරටත් පැවැසීය.

මෙම  නිරීක්ෂණ සංචාරය සඳහා  ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති  ආචාර්ය අසංග රණසිංහ මහතා  ඇතුළු  නිලධාරීහූ සහභාගීවී සිටියහ.

ITN News Editor
By ITN News Editor මැයි 17, 2023 16:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්