fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොල්තෙල් ව්‍යාපාරිකයාට වෙඩි

hasiniek
By hasiniek මැයි 17, 2023 09:53

පොල්තෙල් ව්‍යාපාරිකයාට වෙඩි

පදවිය මහසෙන්පුර ප්‍රදේශයේ නිවසකට පැමිණි පිරිසක් සිදු කළ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

ඔහු 38 හැවිරිදි දෙදරු පියකු බවයි පදවිය පොලිසිය පවසුවේ.

පොල්තෙල් ව්‍යාපාරයක් කරගෙන ජීවත්වන ඔහු රාත්‍රියේ නිවසේ සිටියදී යතුරු පැදි දෙකකින් ආ තිදෙනකු ටී 56 ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.

මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් 119 ලැබුණු තොරතුරකට අනුව පොලිසිය එම ස්ථානයට ගොස් ඇති අතර වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා පදවිය රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදීත් මියගොස් සිටි බව සඳහන්.

hasiniek
By hasiniek මැයි 17, 2023 09:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්