යුක්රේනයට අවශ්‍ය ජෙට් ප්‍රහාරක යානා ලබාදීමට එක්සත් රාජධානිය හා නේදර්ලන්තය සහතික වී තිබෙනවා.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රීෂි සුනක් හා නේදර්ලන්ත අග්‍රාමාත්‍ය මාර්ක් රූට් ඒ සදහා අවශ්‍ය ජාත්‍යන්තර සන්ධානයක් ගොඩනැගීම සඳහා එකඟතාව පළ කර තිබෙනවා.
එෆ් 16 එස් වර්ගයේ ප්‍රහාරක යානා මේ අනුව ලබාදීමට නියමිතයි.
යුක්රේන ජනාධිපති වොල්දෝමීර් සෙලෙන්ස්කි බටහිර රටවලින් ඉල්ලා සිටියේ තම රටට යුද ආධාර හා පුහුණුව ලබාදෙන ලෙසයි.
ඒ අනුවයි මේ පිළිබඳ බටහිර රටවල් අවධානය යොමුකර ඇත්තේ.
අයිස්ලන්තයේ පැවති යුරෝපා කවුන්සිල රැස්වීමෙන් අනතුරුව බ්‍රිතාන්‍යය හා නේදර්ලන්තය මෙම තීරණයට එළඹ තිබෙනවා.