අධිකරණ 08ක වරෙන්තු ලබා සැඟව සිටි පුද්ගලයෙකු හෙරෝයින් සමඟ අත්අඩංගුවට
Related Articles
අධිකරණ 08ක වරෙන්තු ලබා සැඟව සිටි පුද්ගලයෙකු හෙරෝයින් සමඟ කාතන්කුඩි ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
35 හැවිරිදි මෙම පුද්ගලයා අම්පාර එරගම ප්‍ර දේශයේ පදිංචිකරුවෙක්.
අක්කරෙයිපත්තු , මඩකලපුව ,තෙල්දෙණිය, කන්තලේ , සමන්තුරේ ආදී අධිකරණ කිහිපයකින් මොහුට වරෙන්තු නිකුත් කර තිබෙනවා.
කාතන්කුඩි දකුණ මායිම්පාර ප්‍ර දේශයේ දී පොලිසිය සිදුකළ විශේෂ මෙහෙයුමකදීයි මොහු අත්අඩංගුවට ගැනුනා.
ඔහු ළග තිබි හෙරෝයින් මත්කුඩු මිලි ග්‍රෑම් 2600ක් සොයා ගැනීමට ද පොලිසිය සමත්වුණා.