fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බ්‍රිතාන්‍ය මුහුණ දී සිටින ආහාර අර්බුදය විසඳන්න යන විදිහ

hasiniek
By hasiniek මැයි 16, 2023 17:14

බ්‍රිතාන්‍ය මුහුණ දී සිටින ආහාර අර්බුදය විසඳන්න යන විදිහ

බ්‍රිතාන්‍ය මුහුණ දී සිටින ආහාර අර්බුදය විසඳීම සඳහා සංක්‍රමණික ශ්‍රමිකයන් සංඛ්‍යාව හා ආහාර සඳහා ගොවීන්ට ලබාදෙන මිල ඉහළ දමන ලෙස අමාත්‍යවරුන් එරට අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිනවා.

බ්‍රිතාන්‍ය මුහුණ දී සිටින ආහාර අර්බුදය විසඳීම සඳහා අදාළ පාර්ශව සමග හැකි ඉක්මනින් සාකච්ඡා ආරම්භ කරන බවයි අග්‍රාමාත්‍ය රීෂි සුනක් පවසන්නේ.

ඒ සම්බන්ධයෙන් මූලික වටයේ සාකච්ඡා ඊයේ දිනයේ දී පැවැත්වුණා.

කෙසේ වුව ද සංක්‍රමණික ශ්‍රමිකයන් සංඛ්‍යාව ඉහළ දැමීම සම්බන්ධයෙන් මෙහිදි එකඟතාවයකට පැමිණ නැහැ.

කෘෂිකාර්මික කටයුතු සදහා අවශ්‍ය ප්‍රමාණවත් සේවක පිරිස් නොමැති වීමෙන් දැඩි අර්බුදකාරී තත්ත්වයක් හටගෙන ඇති බවයි ගොවීන් පෙන්වා දෙන්නේ.

තාවකාලික වීසා බලපත්‍ර යටතේ කෘෂිකර්මාන්ත කටයුතු සදහා සංක්‍රමණික ශ්‍රමිකයින් ගෙන්වා දෙන ලෙස ගොවීන් රජයෙන් ඉල්ලා සිටිනවා.

 

 

 

hasiniek
By hasiniek මැයි 16, 2023 17:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්