fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නවසීලන්තයේ නේවාසිකාගාරයක ගින්නක් – 6ක් මරුට

hasiniek
By hasiniek මැයි 16, 2023 16:51

නවසීලන්තයේ නේවාසිකාගාරයක ගින්නක් – 6ක් මරුට

නවසීලන්තයේ වෙලින්ටන්හි නේවාසිකාගාරයක ඇති වූ ගින්නක් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

සිව්මහල් නේවාසිකාගාරයක් වූ Loafers Lodge හි මෙම ගින්න හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ

ගොඩනැගිල්ලේ සිටි බොහෝ පිරිසක් බේරාගෙන ඇති නමුත්, තවත් බොහෝ පිරිසකගේ තොරතුරු අනාවරණය කරගැනීමට නොහැකිවී ඇති බව එරට පොලිසිය පවසනවා .

මියගිය සංඛ්‍යාව තවත් වැඩි විය හැකි බවයි පොලිසිය විශ්වාසය පළ කර තිබෙන්නේ

ගිනි නිවන භටයින් විසින් ගොඩනැගිල්ලේ ඉහළම තට්ටුව ගිනිගෙන ඇති බව සොයා ගෙන ඇති අතර ගින්න නිවා දැමීම සඳහා ගිනි නිවන රථ 20ක් පමණ යොදා ගත් බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වනවා

ගොඩනැගිල්ලට ප්‍රවේශ වන තුරු මරණ සංඛ්‍යාව පිළිබඳව වඩාත් නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවයි එරට පොලිසිය සඳහන් කර තිබෙන්නේ

ගින්නෙන් බේරීම සඳහා ගොඩනැගිල්ලේ තුන්වන මහලෙන් පැනීමෙන් පසු පුද්ගලයින් පස් දෙනෙකු පමණ දිවි බේරාගෙන ඇති අතර එක් අයෙකු බරපතල තුවාල ලබා ඇති බව සඳහන්

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ

hasiniek
By hasiniek මැයි 16, 2023 16:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්