අමාත්‍ය කංචන විජේසේකර ලෝක බැංකු නියෝජිතයන් සමග විශේෂ සාකච්ඡාවක්
Related Articles
විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීම ගැන අමාත්‍ය කංචන විජේසේකර ලෝක බැංකු නියෝජිතයන් සමග විශේෂ සාකච්ඡාවක නිරත වී තිබෙනවා.
මෙහිදී මෙරට විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත වැඩපිළිවෙලට, අක් වෙරළ සුළං ව්‍යපෘති, ඉන්දු ලංකා විදුලි සම්බන්ධතාවය සහ විදුලිය මිලදී ගැනීමේ ගාස්තු ක්‍රියාවලිය වෙනුවෙන් ලෝක බැංකුව විසින් ලබා දෙන තාක්ෂණික සහය වෙනුවෙන් අමාත්‍යවරයා ස්තුතිය පල කල බවයි අමාත්‍යාංශය නිවේදනය කළේ.
ඉදිරි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වෙනුවෙන් සහ යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් මූල්‍ය සහය පිළිබඳව සාකච්ඡා කරනු ලැබූ බවද සඳහන්.
ලෝක බැංකුවේ ශ්‍රී ලංකාවේ අධ්‍යක්ෂවරයා, ජාත්‍යන්තර මුල්‍ය සමාගමේ මෙරට කළමනාකරුද මෙම අවස්ථාවට සහභාගී වුණා.