fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නවසීලන්තයේ නේවාසිකාගාරයක ගින්නකින් හය දෙනෙකු මරුට

ITN News Editor
By ITN News Editor මැයි 16, 2023 09:57

නවසීලන්තයේ නේවාසිකාගාරයක ගින්නකින් හය දෙනෙකු මරුට

නවසීලන්තයේ වෙලින්ග්ටන් නගරයේ හටගත් ගින්නකින් පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වෙලින්ටන් නගරයේ නේවාසිකාගාරයකයි මෙම ගින්න හටගෙන ඇත්තේ. මහල් හතරකින් සමන්විත මෙම ගොඩනැගිල්ලේ ඊයේ මධ්‍යම රාත්‍රියේ දී ගින්න හටගෙන ඇති අතර පුද්ගලයින් කිහිප දෙනෙකු අතුරුදන් බවද සහන කණ්ඩායම් පවසනවා. එමෙන්ම නේවාසිකාගාරයේ ජීවත්වූ පුද්ගලයින් රැසකගේ ජීවිත බේරාගැනීමට ද ඔවුන් සමත්වූ බවයි වාර්තා වන්නේ.

කෙසේ වුවද මරණ සංඛ්‍යාව ඉහළයාමට ඉඩ ඇති බව පොලිසිය පවසනවා. ගින්න පාලනය කිරීමට ගිනි නිවන කණ්ඩායම් සමත්ව ඇති අතර ඒ සදහා ගිනි නිවන රථ 20ක් පමණ යොදාගත් බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 16, 2023 09:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්