fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සාමාන්‍ය පෙළ විභාග කාලසීමාවේ ආපදාවලින් ඇතිවිය හැකි බාධා වැළැක්වීමේ වැඩපිළිවෙළක්

hasiniek
By hasiniek මැයි 15, 2023 17:34

සාමාන්‍ය පෙළ විභාග කාලසීමාවේ ආපදාවලින් ඇතිවිය හැකි බාධා වැළැක්වීමේ වැඩපිළිවෙළක්

සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ ආපදා හේතුවෙන් සිදුවිය හැකි බාධා අවම කිරීම වෙනුවෙන් සකස් කළ හදිසි ආපදා ප්‍රතිචාර පෙර සුදානම් සැලැස්ම නිල වශයෙන් විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා වෙත භාර දී තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා විසින් විභාග කොමසාරිස්වරයා වෙත එම සැලැස්ම භාරදීම අද (15) විභාග දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී සිදු කර ඇති බව සඳහන්.

නිරිතදිග මෝසම් කාලසීමාව තුළ ඇතිවිය හැකි ආන්තික කාලගුණික තත්ත්වයන් නොසලකා හැරිය නොහැකි බැවින් මෙවර සාමාන්‍ය පෙළ විභාග පැවැත්වෙන කාලසීමාව තුළ ආපදාවලින් බාධාවක් නොවී විභාගය පවත්වාගෙන යාම සදහා හදිසි ප්‍රතිචාර යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සහ ආපදා පූර්ව සූදානම අත්‍යවශ්‍ය කරුණක් බව එමගින් අවධාරණය කර තිබෙනවා.

එමෙන්ම ඩෙංගු උවදුර හේතුවෙන් විභාගයට පෙනී සිටින දරුවන්ට සිදුවිය හැකි බලපෑම වළක්වා ගැනීම සදහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම ද අත්‍යවශ්‍ය බවට ද අදාළ හදිසි ආපදා ප්‍රතිචාර පෙර සුදානම් සැලැස්ම මගින් පෙන්වා දී ඇති බව සඳහන්.

මෙම කරුණු පිළිබදව අවධානය යොමු කරමින් මෙවර සාමාන්‍ය පෙළ විභාග කාලසීමාව තුළ ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වා ගැනීම සදහා විශේෂ ඒකාබද්ධ වැඩපිළිවළක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ක්‍රියාත්මක කර තිබෙනවා.

hasiniek
By hasiniek මැයි 15, 2023 17:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්