දින පහක ගැටුම් නිමා කරමින් ඊශ්‍රායලය සහ පලස්තීනය අතර සටන් විරාමයක්
Related Articles
දින පහක ගැටුම් නිමා කරමින් ඊශ්‍රායලය සහ පලස්තීනය අතර සටන් විරාමයක් ආරම්භ වී තිබෙනවා.
පසුගිය දින 5 පුරා දෙපාර්ශ්වය අතර පැවති ගැටුම්වලින් පලස්තීන ජාතිකයින් 33 දෙනෙකුට දිවි අහිමි වුණා. එමෙන්ම ඊශ්‍රායල ජාතිකයින් දෙදෙනෙකු ද පලස්තීන රොකට් ප්‍රහාරයකින් මියගියා. ඊජිප්තුවේ මූලිකත්වයෙන් මේ වනවිට දෙපාර්ශ්වය අතර සටන් විරාමයක් ඇතිකරගෙන තිබෙනවා. දෙපාර්ශ්වයම ඊට සහාය දෙන බවට ද ප්‍රතිඥා දී තිබෙනවා.
මෙම සටන්විරාමය පිළිබද අදහස් දක්වමින් ඇමෙරිකාව ප්‍රකාශකර ඇත්තේ අර්බුදය විසදීම සදහා අවශ්‍ය පරිවර්තනය සිදුකිරීමට සහාය දෙන බවයි.