fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කළුතර සිසුවිය මියයාමේ සිද්ධියේ සැකකරුවන් 4 දෙනා අධිකරණයට

ITN News Editor
By ITN News Editor මැයි 15, 2023 11:44

කළුතර සිසුවිය මියයාමේ සිද්ධියේ සැකකරුවන් 4 දෙනා අධිකරණයට

කළුතරදී 16 හැවිරිදි පාසල් සිසුවිය මියයාමේ සිද්ධියේ සැකකරුවන් 4 දෙනා අද අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

කළුතර පස් මහල් ගොඩනැගිල්ලකින් වැටී මිය ගිය 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් 4 දෙනා දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට අද රැගෙන එනු ලැබුවා. මිය ගිය දැරිය හෝටලයට කැඳවා ගෙන ගිය යුවළ,  හෝටලයේ හිමිකරුගේ බිරිද සහ ප්‍රධාන සැකකරුගේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයායි මෙලෙස රැගෙන එනු ලැබුවේ. එම අවස්ථාවේ දැරියගේ මව ඇතුළු සියයකට වැඩි පිරිසක් අධිකරණ භූමිය ඉදිරිපිට නිහඩ විරෝධතාවක ද නිරත වුණා. මිය ගිය දැරිය සාධාරණය ඉටු කරනු යන මැයෙන් සදහන් පුවරුක් අතැතිවයි ඔවුන් විරෝධතාව සිදුකලේ.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 15, 2023 11:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්