fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට නාවික හමුදා සහන කණ්ඩායම් සීරුවෙන්

ITN News Editor
By ITN News Editor මැයි 15, 2023 09:08

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට නාවික හමුදා සහන කණ්ඩායම් සීරුවෙන්

දිවයිනට බලපා ඇති  අයහපත් කාළගුණික තත්වය හමුවේ පීඩාවට පත්වන  ජනතාවට සහන සැලසීම සඳහා දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයක ආපදා  සහන කණ්ඩායම් ස්ථානගත කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ උපදෙස් මත හදිසි ගංවතුර තත්වයකදී ජනතාවට සහන සැළසීමට සහ ඔවුන් එම ආපදාවෙන් මුදා ගැනීම සඳහා දකුණු නාවික විධානය මඟින් ගාල්ල, අකුරුස්ස, කොටපොල, නාගොඩ, තවලම, කඹුරුපිටිය සහ අතුරලිය යන ප්‍රදේශයන් වෙත සහන කණ්ඩායම් එක  බැඟින් යොමු කර ඇත.
ගිං ගඟ හා නිල්වලා ගඟ පිටාර මට්ටමට පැමිණීමෙන් මේ වන විට ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයන්හි ඇතිව ඇති ජල ගැලීම් තත්වය හමුවේ එම ප්‍රදේශ වෙත යොමු කර ඇති නාවික හමුදා සහන කණ්ඩායම්  මේ වන විට ජනතාව වෙත අවශ්‍ය සහන සැලසීමට සූදානමින් සිටියි.
තවද, දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය මත ඇති විය හැකි ගංවතුර අවදානම හමුවේ පීඩාවට පත්වන ජනතාවට අවශ්‍ය සහන සැලසීම සඳහා අවශ්‍යතාවය මත ස්ථානගත කිරිමට අමතර  නාවික හමුදා සහන කණ්ඩායම් මේ වන විටත් සූදානමින් තබා ඇත.
ITN News Editor
By ITN News Editor මැයි 15, 2023 09:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්