වව්නියාව ගණදෙවි කෝවිලේ තැන්පත් කර තිබූ පිත්තලෙන් සාදා ඇති නටරාජා පිලිමයක් හොරා ගත් බව කියන යුද හමුදා සෙබළකු සැකපිට අත්අඩංගුවට ගත් බව වව්නියාව මූලස්ථාන පොලීසිය පවසනවා
අත්අඩංගුවට ගත් සැකකරු අක්කර අක්කරායන්කුලම් යුද හමුදා කඳවුරේ රාජකාරි කරන හමුදා අවුරුදු 21 ක් වයසැති සෙබළෙක්.
සැකකරු මෙම පිළිමය කෝවිලෙන් සොරාගෙන බෑගයක දමාගෙන විකිණීමට රැගෙන යමින්සිටියදී වව්නියාව වෑන් රථ ගාලේ රියැදුරන් පිරිසක් විසින් අල්ලාගෙන වව්නියාව මූලස්ථාන පොලිසියට බාර දී තිබූ බවයි වුණේ.