fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පැපුවා නිව්ගිනියාවේ විදේශ ඇමති ඉල්ලා අස්වෙයි

hasiniek
By hasiniek මැයි 15, 2023 08:59

පැපුවා නිව්ගිනියාවේ විදේශ ඇමති ඉල්ලා අස්වෙයි

පැපුවා නිව්ගිනියා විදේශ ඇමති ජසටින් කැචෙන්කෝට්ස්ට සිය ඇමති සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

තුන්වන චාල්ස් රජුහේ රාජාභිෂේකයට සහභාගී වීමේදී සිදු කරන ලද වියදම් සහ එම අවස්ථාවට සිය දියණිය සහභාගී කරවා ගෙන ඒ සම්බන්ධයෙන් ඇය සුඛෝපභෝගී ගුවන් යානයේ සිට කරන ටික්ටොක් වීඩියෝවන් සමාජ මාධ්‍යට මුදා හැරීමත් සමඟ ඇති වූ කතා බහ හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන කරන්නේ

මෙම සංචාරයට රජයේ මුදකින් ඩොලර් ලක්ෂ 9ක් වැය කර ඇති අතර එම සංචාරය සඳහා සිය බිරිඳවත් සහභාගී කරවා ගැනීමට කිසිදු අවසරයක් නොතිබූ වපසරියකයි ජස්ටින් කැචෙන්කෝ සිය දියණිය මෙම සංචාරය සඳහා සහභාගී කරගෙන ඇත්තේ.

ජස්ටින්ගේ දියණිය වන සවානා ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිට ඇති අතර එහි සිට ලන්ඩනය බලා පැමිණෙමින් සිටිය දී පියාගේ වරප්‍රසාද යටතේ සංගප්පූරුවෙන් ගොඩ බැස සාප්පු සවාරියකද නිරත වී තිබූ බව විදෙස් මාධ්‍ය දක්වා තිබෙනවා.

රජයේ මුදක් අවභාවිතා කරමින් දියණියද ලන්ඩනයට ගෙන්වා ගැනීම යන චෝදනා යටතේ ඇමතිවරයාට චෝදනා එල්ල වී තිබෙනවා.

එම නිසා තමන් සිය ධූරයෙන් ඉල්ලා අස් වූ බවයි ජස්ටින් කැචෙන්කෝ ප්‍රකාශ කර ඇත්තේ

hasiniek
By hasiniek මැයි 15, 2023 08:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්