රාජ්‍ය සේවකයින් අද සිට ඇඟිල්ල තැබීම අනිවාර්යයි
Related Articles
අද (15) සිට රාජ්‍ය සේවකයින් සේවයට වාර්තා කිරීමේ දී සහ පිටවීමේ දී ඇඟිලි සලකුණ සටහන් කිරීම අනිවාර්ය කර තිබෙනවා.
ඒ, සම්බන්ධයෙන් වන චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් පාලන සහ සභා අමාත්‍යාංශය විසින් සියලුම ආයතන ප්‍රධානීන් වෙත යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.
කොවිඩ් වසංගතය ඇතුළු විවිධ දුෂ්කරතා හේතුවෙන් රාජ්‍ය සේවකයින් සේවයට වාර්තා කිරීමේ චක්‍රලේඛ කිහිපයක් නිකුත් කරමින් සහන ලබාදී තිබුණා.
එම සහන ලබාදීමට නිකුත් කළ චක්‍රලේඛ අහෝසි කරමින් මෙම නව චක්‍රලේඛ නිකුත්කිරීමටයි ඒ අනුව අමාත්‍යාංශ ලේකම්වරයා කටයුතුකර ඇත්තේ.