fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළට

ITN News Editor
By ITN News Editor මැයි 14, 2023 10:47

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළට

වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

සතියකට රෝගීන් 2000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වන බවටයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

පසුගිය ජනවාරි සිට මේ දක්වා ඩෙංගු රෝගීන් 34000කට අධික පිරිසක් වාර්තා වී තිබෙනවා.

එය පසුගිය වසරට වඩා 60%ක ඉහළ යාමක්.

ගතවු දින 12 තුළ දී ඩෙංගු රෝගීන් 3400ක් හඳුනාගෙන තිබෙනවා.

ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කලේ මේ වන විට වාර්තා වන රෝගීන් 50%ක් ඩෙංගු වෛරසයේ තුන් වන ප්‍රභේදයට අයත් වන බවයි.

මේ දිනවල පවතින අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් ඩෙංගු මදුරුවන්ගේ ඝණත්වය ද සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

නිවාස ඇතුළු සියලු පරිශ්‍ර පිරිසිදු කරන ලෙසට සෞඛ්‍ය අංශ නිරන්තරයෙන් උපදෙස් ලබාදුන්න ද පසුගිය දින කිහිපයේ දීම කළ වැටලීම්වල දී ඩෙංගු මදුරුවන් බෝ වන පරිශ්‍ර විශාල සංඛ්‍යාවක් සොයා ගැනීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට හැකිවුණා.

දොඩංගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය , දොඩංගොඩ පොලිස් ස්ථානය , දොඩංගොඩ ප්‍රාදේශිය සභාව සහ ත්‍රී රෝද රථ සංගමය එක්ව සංවිධාන කළ ඩෙංගු මර්දන වැඩසටහනක දී කළුතර නිවාස 178ක් පරීක්ෂා කෙරුණා.

එහිදී ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන පවත්වාගෙන ගිය නිවාස 11කට දඩ නියම කළ අතර නිවාස 35කට අවවාද කිරීමට කටයුතු කෙරුණා.

 

 

ITN News Editor
By ITN News Editor මැයි 14, 2023 10:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්