fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියානු සාගර කලාපයේ සහයෝගීතාව උදෙසා සුවිශේෂී කාර්යභාරයක් කිරීමට ශ්‍රී ලංකාව සූදානම්

ITN News Editor
By ITN News Editor මැයි 14, 2023 10:40

ඉන්දියානු සාගර කලාපයේ සහයෝගීතාව උදෙසා සුවිශේෂී කාර්යභාරයක් කිරීමට ශ්‍රී ලංකාව සූදානම්

ඉන්දියානු සාගර කලාපයේ සහයෝගීතාව උදෙසා සුවිශේෂි කාර්යභාරයක් කිරීමට ශ්‍රී ලංකාව සූදානම් බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඉන්දියානු සාගර සමුළුවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

ඉන්දියානු සාගර සමුළුව බංගලාදේශයේ ඩකා නුවර දී පසුගිය 12 සහ 13 දිනයන්හිදී පැවැත්වුණා.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සමුළුවට එක්වුයේ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතායි.

රටවල් 40ක නියෝජිතයින් මෙම සමුළුවට එක්වුණා.

මෙහිදී සමුළුව අමතමින් අමාත්‍යවරයා ප්‍රකාශ කලේ ඉන්දියානු සාගර කලාපයේ සාමය , සෞභාග්‍ය සහ හවුල්කාරීත්වය පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය බවයි.

 

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 14, 2023 10:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්