යුක්රේන ජනාධිපති වොල්දෝමීර් සෙලන්ස්කි පාප් වහන්සේ හමුවුණා.
යුක්රේන ජනාධිපතිවරයා මෙසේ ශුද්ධෝත්තම පාප් වහන්සේ හමුවී ඇත්තේ වතිකානයේදීයි.
දෙදෙනා අතර හමුව විනාඩි 40ක පමණ කාලයක් පැවති බවයි විදෙස් මාධය වාර්තා කළේ.
යුද්ධය හේතුවෙන් යුක්රේන ජනතාව බොහෝ සෙයින් පීඩා විදින බව සෙලන්ස්කි පාප් වහන්සේ හමුවේ කියාසිටියා.
ස්ථීර සාමයක් සඳහා තමන් නිතර යාඥා කරන බවයි පාප් වහන්සේ යුක්රේන ජනාධිපතිවරයා හමුවේ ප්රකාශ කර ඇත්තේ.
මේ අතර යුක්රේන ජනාධිපති වොල්දෝමීර් සෙලන්ස්කි ජර්මනියේ සංචාරයකට එක්වීමට ද නියමිතයි.