fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නව තාක්ෂණය සමඟ ඉදිරියට යාමට විශ්වවිද්‍යාල පද්ධතිය සූදානම් කරනවා – ජනපති

hasiniek
By hasiniek මැයි 14, 2023 10:24

නව තාක්ෂණය සමඟ ඉදිරියට යාමට විශ්වවිද්‍යාල පද්ධතිය සූදානම් කරනවා – ජනපති

කෘතිම බුද්ධිය වැනි තාක්ෂණික දියුණුව සමඟ දැනුමේ විප්ලවයක් කරා මුළු ලෝකයම ගමන් කරමින් සිටින මේ මොහොතේ ඒ සමඟ ඉදිරියට යාමට කොළඹ විශ්වවිද්‍යාලය විසින් වසර 10ක සංවර්ධන සැලැස්මක් ඉදිරිපත් කරන්නේ නම් ඊට සහාය ලබා දීමට රජය සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පසුගිය 12 වනදා කොළඹ ගලධාරි හෝටලයේ පැවැති කොළඹ විශ්වවිද්‍යාලයේ 2023 ආදි විද්‍යාර්ථයින්ගේ හමුව අමතමින්.

කොළඹ විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමයට වසර 40ක් සම්පූර්ණ වීමට සමගාමීව පිනකල් සම්මාන උළෙලක් ද මෙහිදී සංවිධානය කර තිබුණා.

රටට, සමාජයට සහ කොළඹ විශ්වවිද්‍යාලය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කරන ආදි විද්‍යාර්ථයින් ඇඟයීම සඳහා පිරිනැමෙන එම පළමු සම්මානයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිදුම් ලැබුවා.

මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපුජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමිපාණන් වහන්සේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජි.එල්. පීරිස්, මහාචාර්ය දේශමාන්‍ය ජේ.බී. දිසානායක, තිලක් කරුණාරත්න යන මහත්වරු ඇතුළු 11 දෙනෙකු මෙහිදී සම්මානයෙන් පිදුම් ලැබුවා.

සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේම නව්‍යකරණයක් අවශ්‍ය බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා අධ්‍යාපන ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලුවලට ලබාදිය හැකි කඩිනමි විසඳුම් සොයා බලන ලෙස ද කොළඹ විශ්වවිද්‍යාලයීය ආදි විද්‍යාර්ථයින්ගේ සංගමයෙන් ඉල්ලා සිටියා.

වසර 10 ක මෙම සංවර්ධන සැලැස්ම කඩිනමින් සැකසීමට කැප වන්නැයි ආදි විද්‍යාර්ථයින්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එසේ නොවුණහොත් එම සුවිශේෂි ක්‍රියාදාමයට දායකවීමේ අවස්ථාව කොළඹ විශ්වවිද්‍යාලයෙන් ගිලිහී යන බවයි කියා සිටියා.

 

 

 

hasiniek
By hasiniek මැයි 14, 2023 10:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්