හලාවත ප්‍රදේශයේ ධීවර ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදීමට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා කටයුතු කළා.
හලාවත ප්‍රදේශයේ ධීවර කාර්මිකයින්ට මුහුණදීමට සිදුව ඇති ගැටලු පිළිබඳ සොයා බැලීමට අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා එම ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා.
හලාවත ධීවර කාර්යාලයට පැමිණි ඒ මහතා ප්‍රදේශයේ ධීවරයින්ට බලපාන ගැටලු කිහිපයකට කඩිනමින් විසදුම් ලබාදීමට කටයුතු කළා.
ධීවර වරායේ ඉදිකර ඇති මත්ස්‍ය වෙළදසැල් 20න් 15ක් තම ධීවර සමිතියට ලබාදෙන ලෙසත් වෙළෙඳසැල් සඳහා අයකරන මාසික කුලිය රුපියල් දසදහසක් බවට පත්කරන ලෙසත් හලාවත ඒකාබද්ද ධීවර සමිති සංධානයේ සභාපතිවරයා මෙහිදී ඉල්ලා සිටියා.
එය කඩිනමින් ඉටුකරන ලෙසයි අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේ.
දැනට වසාදමා ඇති හලාවත ධීවර වරායේ ගුවන්විදුලි පණිවුඩ මධ්‍යස්ථානය නවීකරණය කර දෙන ලෙස ද ඉල්ලීමක් ඉදිරිපත් වූ අතර එය සති දෙකක් තුළ ඉටුකරදීමට අමාත්‍යවරයා එකඟතාව පළකළා.
එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරෙන් විපතට පත් ධිවර පවුල් සඳහා සාධාරණයක් ඉටුකරන ලෙස ධීවරයින් ඉල්ලා සිටි අතර ඒ පිළිබඳ වාර්තාවක් සහකාර ධීවර අධ්යක්ෂවරයාගේ අනුමැතිය ඇතිව ඉදිරිපත් කරන ලෙසට ද අමාත්‍යවරයා උපදෙස් ලබාදුන්නා.
[ot-video type=”youtube” url=”https://youtu.be/GGVud-eNr2o”]