උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ ප්‍රධානම ජලාශය වන උමා ඔය තුළ ප්ලාස්ටික් කැළිකසල සහ සත්ත්ව මළකුණු ගොඩ ගැසීම නිසා දැඩි පරිසර හානියක් සිදුව තිබෙනවා.
මේ හේතුවෙන් දෛනික ජන ජිවිතයේ දී ගැටලු රැසකට මුහුණ දීමට සිදුව ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.
උමා ඔය ජලාශයට ඉහළින් පිහිටි වැලිමඩ නගරයේ සහ වගාබිම් වලින් ඉවතලන සියලු කැළිකසළ මෙන්ම සත්ත්ව මළකුණු උමා ඔය ජලාශයට ගසා ගෙනවිත් එක්රැස් වී තිබෙනවා.
ඒවා ඉවත් කිරීමට කිසිවෙකු මැදිහත් නොවන බවයි ප්‍රදේශවාසීන් පෙන්වාදෙන්නේ.
උමා ඔය ජලාශය ආසන්නයේ පිහිටි පුහුල් පොළ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය පුහුල්පොළ නන්දරතන ස්වාමින් වහන්සේ ප්‍රකාශ කලේ උමා ඔය ජලාශය ඉදි කරන අවස්ථාවේ පවා වැලිසොරොව්වක් සැදීම ඇතුළු යෝජනා ඉදිරිපත් කළ ද ඒ සම්බන්ධයෙන් කිසිවෙකු අවධානය යොමු නොකළ බවයි.
ජනතාවගේ දෛනික ජන ජිවිතයට බාධා කරමින් පරිසරයේ සුන්දරත්වය විනාශ කරමින් සිදුවන මෙම පරිසර හානිය වැළැක්වීමට පියවර ගන්නා ලෙසයි ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/MhZEx4wYkQk”]