fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කඳවුරු බඳින්නන්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් නිවේදනයක්

hasiniek
By hasiniek මැයි 14, 2023 06:26

කඳවුරු බඳින්නන්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් නිවේදනයක්

වනගත ප්‍රදේශවල කඳවුරු භූමි පිහිටුවීමේ දී ඒ සඳහා අනුමැතිය ලබා දී ඇති ස්ථාන වලට පමණක් යොමු වන ලෙස සංචාරක සංවර්ධන අධිකාරිය ජනතාවට දැනුම් දෙනවා.

එහි සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ , සුරක්ෂිත සංචාරක ගමනාන්තයක් සඳහා පිළිගත් සංචාරක මග පෙන්වන්නන්ගේ සහාය ද ලබාගත යුතු බවයි.

කොස්ලන්ද උඩ දියලුම ප්‍රදේශය නැරඹීමට ගොස් කුඩාරමක රාත්‍රිය ගත කළ තරුණ යුවලකට එල්ල වූ වනඅලි ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා පෙන්වා දෙන්නේ දේශීය මෙන්ම විදේශීය සංචාරකයින් සඳහා කඳවුරු බිම් පවත්වාගෙන යාම ඇතුළු සංචාරකයින්ට පහසුකම් සපයන සියලු ස්ථාන ලියාපදිංචි වීම අත්‍යවශ්‍ය බවයි.

එසේ ලියාපදිංචි වීමෙන් ඒවා නියාමනයට අධිකාරියට මැදිහත්විය හැකි අතර ඉන් සංචාරකයින්ට වඩා සුරක්ෂිත සේවාවක් ලබාදීමට හැකියාව ලැබෙන බව ද සභාපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

hasiniek
By hasiniek මැයි 14, 2023 06:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්