ශ්‍රී ලංකාවේ ද්වීපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කරණය පිළිබද කඩිනම් ගිවිසුමකට එළඹීම සදහා එක්සත් රාජධානියට සහායවීමට හැකි බව බ්‍රිතාන්‍ය කන්සවේටිව් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය මැතිව් ඔෆර්ඩ් පවසනවා.
මෙරට ආර්ථිකය පිලිබද බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වන විට දියුණු තත්ත්වයට පත්වෙමින් තිබෙන බව මැතිව් ඔෆර්ඩ් මෙහිදී ප්‍රකාශ කළා. එය තවදුරටත් වර්ධනය වන බව නිරීක්ෂණය වී ඇතැයි ඔහු පාර්ලිමේන්තු විවාදයේදී ප්‍රකාශ කළා. වසර කිහිපයක සිට ශ්‍රී ලංකාව දැඩි සාර්ව ආර්ථික ආනතීන්ට ලක්ව සිටිනවා. එහෙත් පෙර පැවති තත්ත්වයන් ශ්‍රී ලංකාවට උග්‍ර අර්බුද බවට පත් වූයේ ජාත්‍යන්තර තත්ත්වයන් නිසා බවයි ඔහු කියා සිටින්නේ ආර්ථික අධි තක්සේරු කිරීම්, පසුගිය රජය සිදු කළ අනවශ්‍ය ජනතාවාදී ප්‍රතිසංස්කරණ, බදු අඩුකිරීම ආදිය ශ්‍රී ලංකාවට දැඩි ලෙස බලපා තිබෙනවා. ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය දැඩි ලෙස අඩපන වී ඇති බවත් ශ්‍රී ලංකාවේ තුන්වැනි විශාලතම සංචාරක ප්රභවය න එක්සත් රාජධානියට ශ්‍රී ලංකා නගා සිටුවීම සදහා තවදුරටත් උපකාර කළ හැකි බවයි මන්ත්‍රීවරයා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී කියා සිටියේ. කෙසේ වුවද ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත්වීමේ ලකුණු කිහිපයක් දැන් පෙන්නුම් කරනවා. පැරිස් සමාජයේ ස්ථිර සාමාජිකයෙකු ලෙස එක්සත් රාජධානියට ණය ක්‍රියාවලියට සම්බන්ධ වන බවත් කන්සවේටිව් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරය පැවසුවා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකා ආර්ථිකය නගා සිටුවීම අව්‍යශ්‍ය සම්පත් සමුදා හරින ද්වීපාර්ශ්වික ප්‍රතිව්‍යුහගත කිරීම් පිළිබද කඩිනම් ගිවිසුමකට එක්සත් රාජධානිය සහාය විය යුතු බවයි. ශ්‍රී ලංකාවට හැකි උපරිම ආර්ථික සහාය ලබාගැනීමට සහ ණය තිරසාරත්වය සැපයීමට සහාය වීම සදහා එක්සත් රාජධානිය මෙම සංවිධානය තුළ බලපෑම් කිරීම වැදගත් වනවා. ආයෝජන පාලනය කිරීමේ මාධ්‍යයක් ලෙස භාවිත කරන චීනයේ ආර්ථික බලපෑම පිළිබද තමන් ඇතුළු කිහිප දෙනෙකු කනස්සල්ලෙන් පසුවන බවයි මන්ත්‍රීවරයා පැවසුවේ. හම්බන්තොට වැනි ශ්‍රී ලංකාවේ ප්‍රධාන වරායන්වල ආයෝජන හේතුවෙන් ඉන්දීය සාගරයේ වෙළදාම සදහා චීනයට වැඩි ප්‍රවේශයක් ලබාගැනීමට හැකි බව සු කියා සිටියා. වසර ගණනාවක් මුළුල්ලේ බ්‍රිතාන්‍යයේ මිතුරෙක් මෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකයකු වන ශ්‍රී ලංකාවේ ජනතාවට එවන් අනාගතයක් ලැබිය යුතු බව ද පාර්ලිමේන්ව අමතමින් ඔහු වැඩිදුරටචත් ප්‍රකාශ කළා.