fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

ITN News Editor
By ITN News Editor මැයි 13, 2023 16:37

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් පීලි පැනීම හේතුවෙන් ඇන හිට තිබූ උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යථා තත්ත්වයට පත් කර තිබෙනවා.

නාවලපිටියේ සිට නනුඔය දක්වා ධාවනය වු භාණ්ඩ ප්‍රවාහන දුම්රියක එන්ජිම සහ මැදිරියක් වටගොඩ සහ ග්‍රේඩ්වෙස්ටන් දුම්රිය ස්ථාන දෙක අතර 121 වෙනි සැතපුම් කණුව අසල පිලි පැණිම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු ඊයේ  (12) පස්වරුවේ පිලී පැනීමට ලක්ව තිබුණි.

දුම්රිය පිලි පැණිම හේතුවෙන් බදුල්ලේ සිට කොළඹ දක්වා ධාවනය වු දුම්රියන් නානුඔය දුම්රිය ස්ථානය දක්වාත් කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු දුම්රියන් හැටන් දුම්රිය ස්ථානය දක්වාත් ධාවනය කර එම දුම්රියන් වල ගමන් ගත් මගින්ව ලංගම බස් රථ මගින් දුම්රිය ස්ථාන දෙක දක්වා ප්‍රවාහනය කර එම මගින්ව දුම්රියන් වලට මාරු කරනු ලැබුහ.

දුම්රිය පිලි පැණිම හේතුවෙන් දුම්රිය මාර්ගයටද දැඩි අලාභ හානි සිදු වි තිබුණි.

ITN News Editor
By ITN News Editor මැයි 13, 2023 16:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්