fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රිය අනතුරකින් නාවික සෙබලෙකු මියයයි – හතර දෙනෙකුට බරපතල තුවාල

ITN News Editor
By ITN News Editor මැයි 13, 2023 12:17

රිය අනතුරකින් නාවික සෙබලෙකු මියයයි – හතර දෙනෙකුට බරපතල තුවාල

පුත්තලම නගර ආසන්නයේ සිදුවූ අනතුරකින් නාවික සෙබලෙකු මිය ගොස් තවත් හතර දෙනෙකු බරපතල තුවාල ලැබුවා.

තුවාලකරුවන් පුත්තලම මූලික රෝහලට ඇතුළත් කෙරුණා.

පුත්තලම ප්‍රදේශයේ සිට අනුරාධපුරයේ වන්දනාගමනක නිරතවූ පිරිසක් රැගත් කුඩා ලොරි රථයක් ඊට විරුද්ධ දෙසින් පැමිණි නාවික සෙබලා ගමන්ගත් යතුරු පැදියේ ගැටීමෙන් මෙම අනතුර සිදුවුණා.

නාවික සෙබලා නිවාඩු ලබා සිය නිවසට ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුවුණේ.

අනතුරත් සමඟ ලොරි රථය ද පෙරළී තිබෙනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 13, 2023 12:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්