fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

ITN News Editor
By ITN News Editor මැයි 13, 2023 12:17

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් පීලි පැනීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට බාධා මතුව තිබෙනවා.

බටගොඩ හා ග්‍රේට්වෙස්ටන් දුම්රිය ස්ථාන අතර මෙම පීලි පැනීම ඊයේ පස්වරුවේ සිදු වුණා.

නාවලපිටියේ සිට නානුඔය දක්වා භාණ්ඩ ප්‍රවාහන දුම්රියකුයි මෙසේ පීලි පැන තිබෙන්නේ.

එම දුම්රිය පීලිගත කිරීමේ කටයුතු සිදුවෙමින් පවතිනවා.

මේ හේතුවෙන් කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ඊයේ රාත්‍රියේ ගමන් කළ තැපැල් දුම්රිය හැටන් දුම්රිය ස්ථානයේද බදුල්ල සිට කොළඹ කොටුව බලා ගමන් ආරම්භ කළ තැපැල් දුම්රිය නානුඔය දුම්රිය ස්ථානයේද තාවකාලිකව නතර කෙරුණා.

 

 

ITN News Editor
By ITN News Editor මැයි 13, 2023 12:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්