ශ්රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරන පක්ෂයේ වත්මන් ලේකම්වරයාගේ ක්රියාකලාපය හෙළා දකින බව පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද දිසානායක මහතා මෛත්රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කරනවා.
දුමින්ද දිසානායක මහතාගේ මෙම චෝදනාව ප්රතික්ෂේප කරන බවයි ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර මහතා ප්රකාශ කරන්නේ.
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කරන පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද දිසානායක මහතා සඳහා කරන්නේ පක්ෂය භේද කරමින් කැබලිවලට කඩා දමමින් සංවිධායකවරුන් අතර විරෝධතා ඇතිවන ආකාරයට පක්ෂයේ ලේකම්වරයා ක්රියා කරන බවයි.
එහි අවසන් ප්රතිඵලය වන්නේ පක්ෂය දුර්වල කිරීම බවද දුමින්ද දිසානායක මහතා යොමු කළ පිටු අටක මෙම ලිපියෙන් දැක්වෙනවා.
මේ සම්බන්ධයෙන් පක්ෂය තුළ පුළුල් දේශපාලන කථිකාවක් ආරම්භ කිරීම කාලෝචිත බවද ඔහු කියා සිටිනවා.
එල්ල වන චෝදනා ප්රතික්ෂේප කරන බවයි ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා කියා සිටින්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/tO4ZFlqizVo”]