මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින “මොඛා” ඉතා චණ්ඩ සුළි කුණාටුව මැයි 12 දින පැය 23:30 වනවිට 15.10N සහ 88.80E ආසන්නයේ කේන්ද්‍රගත වී පැවතිණි.
එම පද්ධතිය උතුරට බරව ඊසාන දෙසට ගමන් කරමින් තවදුරටත් වර්ධනය විය හැකි අතර මෙම පද්ධතිය මැයි 14 වන දින දහවල් පමණ ගිනිකොනදිග බංගලාදේශය සහ උතුරු මියන්මාර වෙරළ තීරය හරහා ගමන් කිරීමට ඉඩ ඇත.
උතුරු අක්ෂාංශ 05 – 20 ත් සහ නැගෙනහිර දේශාංශ 82 – 100 ත් අතර මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ බහුදින ධීවර ප්‍රජාවන්ට දැනුම්දෙනු ලැබේ.
ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ හලාවත සිට පුත්තලම, මන්නාරම, මුලතිවු සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල යාත්‍රා කිරීම අවදානම් බැවින් ඒ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.
වැසි තත්ත්වය:
දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
සුළඟ:
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ. ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සහ හලාවත සිට පුත්තලම, මන්නාරම, මුලතිවු සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (55-60) දක්වා වැඩි විය හැක.
මුහුදේ ස්වභාවය:
ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සහ හලාවත සිට පුත්තලම, මන්නාරම, මුලතිවු සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ රළු වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ තරමක් රළු වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.