fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රධාන වීදුරුව අවහිර වන ලෙස සැරසිලි කර ඇති වාහන රියදුරන්ට වැඩ වරදියි

ITN News Editor
By ITN News Editor මැයි 12, 2023 16:28

ප්‍රධාන වීදුරුව අවහිර වන ලෙස සැරසිලි කර ඇති වාහන රියදුරන්ට වැඩ වරදියි

කෑගල්ල දිස්ත්‍රික් මෝටර් රථ පරීක්ෂක හා කෑගල්ල පොලිස් රථ වාහන අංශය එක්ව කෑගල්ල මොලගොඩදී රථ වාහන පරීක්ෂා කර තිබෙනවා.
රථ වාහන වල ප්‍රධාන වීදුරුව අවහිර වන ලෙස මල් පොකුරු මිදි වැල් විවිධ සැරසිලි සවිකර රියදුරුට මාර්ගය නොපෙන්නෙන ලෙස සකසා ඇති වාහන  පරීක්ෂාවේදී හමුවී තිබෙනවා.
දිවයින පුරා ධාවනය වන බොහෝ රථවාහන වල ප්‍රධාන වීදුරුව අවහිර වන අයුරින් සැරසිලි කර ඇති වාහන අධික ශබ්දය සහිත නලා සවිකිරීම (හෝන්) ප්‍රධාන ලාම්පු වලට ඉහලින් වෙනත් විදුලි පහන් සවිකර තිබීම මොටර් රථ වාහන නීතිය යටතේ වරදක් වේ බොහෝ අනතූරු වලදි මාර්ගය නිවැරදි ලෙස නොපෙනීමද මෙම සැරසිලි නිසා සිදුව තිබෙනවා.
ඒ අනුව කෑහල්ල ප්‍රධාන මෝටර රථ පරීක්ෂක සාගර දසනායක මහතාගේ සහභාගිත්වයෙන් කොළඹ මහනුවර මාර්ගයේ මොලගොඩදි රථවාහන පරීක්ෂාවට ලක් කෙරින එහිදි ලංගම හා පෞද්ගලික බස් රථ දොලහක් පමණ එම වැරදි සිදුකර තිබු හෙයින් දින 14 කාලයක් තුලදි එම වැරදි නිවැරදි කර මෝටර් රථවාහන පරික්ෂකට පෙන්විම කල යුතුය.
දින 14 කාලය තුල නිවැරදි නොකරන වාහන සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවද මෝටර් රථවාහන පරීක්ෂක සාගර දසනායක මහතා රියදුරන් දැනුවත් කරමින් පැවසුවා.
ITN News Editor
By ITN News Editor මැයි 12, 2023 16:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්