fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඩුබායි සිට මෙරට ජාවාරම් සිදු කිරීම පිළිබඳ තොරතුරු රැසක් හෙළිවෙයි

ITN News Editor
By ITN News Editor මැයි 12, 2023 10:49

ඩුබායි සිට මෙරට ජාවාරම් සිදු කිරීම පිළිබඳ තොරතුරු රැසක් හෙළිවෙයි

වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ ඩුබායි රාජ්‍යයේ සිට මෙරට ජාවාරම් සිදු කිරීම පිළිබඳ තොරතුරු රැසක් හෙළිකර ගැනුනා.

සංවිධානාත්මක ලෙස පැමිණ මංකොල්ලකෑම් ,මත්කුඩු ජාවාරම් හා අපරාධ සිදු කරන තුන් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් වෙන්නප්පුව පොලීසිය අත්අඩංගුවට ගත්තා.

ඔවුන් ළඟ තිබී සොරකම් කරන ලද යතුරු පැදි 8 ක් ,රන්භාණ්ඩ කිහිපයක් හා වටිනා  ජංගම දුරකතන 5ක් සොයා ගැණුනා.

හෙරොයින් මිලිග්‍රෑම් 11,300 ක් ද සැකකරුවන් සතුව තිබී සොයාගෙන තිබෙනවා.

ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙලි වුණේ ඩුබායි සිට මෙම පිරිස මෙහෙයවා ඇත්තේ ප්‍රධාන පෙලේ ජාවාරම්කරුවකු වන මහේෂ් හා ඔහුගේ සමීපතම ගෝලයෙකු වන සුන්තා නැමැත්තා බවයි.

වට්ස්ඇප් තාක්ෂණය උපයෝගී කරගනිමින් මෙම ජාවාරම් මෙහෙයවා තිබෙනවා.

වෙන්නප්පුව උල්හිටියාව ප්‍රදේශයේදී  පුද්ගලයෙකු යතුරුපෑදියකින් ගමන් කරමින් සිටියදී එය පරික්ෂා කළ පොලීසිය යතුරුපැදිකරුගෙන් එයට අදාළ ලේඛණ ඉල්ලා තිබෙනවා.

එහෙත් යතුරුපැදිකරුට අදාළ ලේඛණ ඉදිරිපත් කිරීමට නොහැකි වීම හේතුවෙන් තවදුරටත් කළ විමර්ශනවලදී හෙළි වුනේ යතුරුපැදිය මීගමූව එත්තුක්කාල ප්‍රදේශයෙන් සොරකම් කළ එකක් බවයි මේ ඔස්සේ තවදුරටත් විමර්ශන සිදු කිරීමේදී ඩුබායි රාජ්‍යසේ සිට මෙහෙයවන මහාපරිමාන ජාවාරම පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැණුනා.

 

ITN News Editor
By ITN News Editor මැයි 12, 2023 10:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්