fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වියට්නාම් බෞද්ධයින්ගෙන් තෑග්ගක්

hasiniek
By hasiniek මැයි 11, 2023 15:43

වියට්නාම් බෞද්ධයින්ගෙන් තෑග්ගක්

වියට්නාම බෞද්ධ නියෝජිත පිරිසක් විසින් ඖෂධ තොගයක් අද (11) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත පරිත්‍යාග කර තිබෙනවා.

මෙම පරිත්‍යාගය වියට්නාම බෞද්ධ සංඝ සභාවේ උප සංඝනායක අතිපූජ්‍ය තිච් වියන් මින් නා හිමියන් විසින් අග්‍රාමාත්‍යවරයා වෙත සංකේතාත්මකව පිළිගන්වූ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.

ඇමෙරිකානු ඩොලර් 20,000ක් වටිනා මෙම ඖෂධ තොගය අග්‍රාමාත්‍යවරයා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජානක චන්ද්‍රගුප්ත වෙත භාර දෙනු ලැබුවා

වියට්නාමයේ දීර්ඝ කාලීන නිදහස් අරගලයට ශ්‍රී ලංකාව ලබා දුන් සහාය හේතුවෙන් වියට්නාම බෞද්ධයන් ශ්‍රී ලංකාව කෙරෙහි විශේෂ ගෞරවයක් දක්වන බව අතිපූජ්‍ය තිච් වියන් මින් නා හිමියෝ ප්‍රකාශ කර තිබෙනවා.

මෙම අවස්ථාවට සහභාගී වූ වියට්නාම තානාපති (Nguyen Thi Thanh Thuy) ගුයෙන් ති තාන් තුයි ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව නිදහස ලබා ගැනීමට පෙර සිටම වියට්නාමය සමඟ සමීප සබඳතාවක් පැවැත්වූ බවයි.

නිදහස් අරගලයේ නායකයා මෙන්ම නිදහස් වියට්නාමයේ ප්‍රථම ජනාධිපතිවරයා වූ හෝ චි මිං මහතාගේ ශ්‍රේෂ්ඨ නායකත්වය ශ්‍රී ලංකාවාසී ජනතාව බෙහෙවින් අගය කරන බව පැවසූ අග්‍රාමාත්‍යවරයා වියට්නාමය නිදහස් රාජ්‍යයක් බවට පත් වූ විට රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර ගත් පළමු රටවල් කිහිපය අතර ශ්‍රී ලංකාව ද සිටි බව සිහිපත් කළා.

hasiniek
By hasiniek මැයි 11, 2023 15:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්