fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කාලගුණයෙන් රතු නිවේදනයක්

hasiniek
By hasiniek මැයි 11, 2023 13:00

කාලගුණයෙන් රතු නිවේදනයක්

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය පිළිබඳ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එය අද (11) පෙ.ව 11ට නිකුත් කර ඇති අතර ඉදිරි පැය 24 දක්වා බලපැවැත්වෙන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ

මේ අතර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා සැලකිලිමත් වෙන ලෙස ද කාලගුණ අංශ දැනුම් දී තිබෙනවා.

“මොඛා” සුළි කුණාටුව මේ වනවිට උදෑසන 5.30 වනවිට 11.2N සහ 88.1E ආසන්නයේ කේන්ද්‍ර ගත ව පැවතුණා.

එම පද්ධතිය උතුරට බරව වයඹ දෙසට ගමන් කමින් අද මධ්‍යම රාත්‍රියේ දී පමණ චණ්ඩ සුළි කුණාටුවක් දක්වා ක්‍රමයෙන් වර්ධනය වීමට බොහෝදුරට ඉඩ තිබෙනවා

ඉන් අනතුරුව එය ක්‍රමයෙන් වර්ධනය වී හෙට (12) උදෑසන වනවිට උතුරට බරව ඊසාන දෙසට ගමන් කර මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව හෙට හවස් වෙන විට ඉතා චණ්ඩ සුළිකුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වීමට ඉඩ ඇති බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මෙම පද්ධතිය මැයි 14 වනදා උදෑසන සිට මදක් දුර්වල වී එදින දහවල් පමණ ගිනිකොණදිග බංග්ලාදේශය සහ උතුරු මියන්මාර වෙරළ තීරය හරහා ගමන් කිරීමට නියමිතයි.

hasiniek
By hasiniek මැයි 11, 2023 13:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්