ජාතික පොලිස් කොමිෂන් සභාව අද රැස්වීමට නියමිතයි.
කොමිෂන් සභාවේ සභාපති හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙනුයි පොලිස් කොමිසම රැස්වන්නේ.
එහිදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් සලකා බැලීමට නියමිතව තිබෙනවා.
තමන්ට ලබාදී ඇති ස්ථාන මාරුව අසාධාරණ බව පවසමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පොලිස් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.
අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් අද දිනයේ පොලිස් කොමිෂන් සභාවේ දී සලකා බලා ඒ පිළිබඳ විමර්ශනයක් සිදුකිරීමට කටයුතු කරන බව පොලිස් කොමිෂන් සභාවේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා සඳහන් කළා.
මේ අතර පවතින පොලිස් කොමිෂන් සභාව රැස්වන අවසන් දිනය අදයි.