fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අපිට සහන දෙන්න කැමති වූ ඉන්දියාව

hasiniek
By hasiniek මැයි 9, 2023 17:57

අපිට සහන දෙන්න කැමති වූ ඉන්දියාව

ඇමෙරිකා ඩොලර් බිලියනයක ඉන්දීය ණය සහනය තවත් වසරකින් දීර්ඝ කර තිබෙනවා.

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය වෙනුවෙන් ණය සහනයක් ලබා දීමට ඉන්දියාව කටයුතු කළේ ශ්‍රී ලංකාව දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ පාමින් සිටි අවස්ථාවේයි.

එහි සම්පූර්ණ වටිනාකම ඇමෙරිකා ඩොලර් බිලියන 4ක් වන අතර එහි කොටසක් ලෙසයි ඩොලර් බිලියනයක ණය සහනය ක්‍රියාත්මක වන්නේ. ප්‍රධාන වශයෙන් එය භාවිත කෙරුණේ ඖෂධ හා ආහාර ආනයනය සදහායි.

එම සහනය ලබාදීම අවසන් කිරීමට සැලසුම්කර තිබුණේ පසුගිය මාර්තු මාසයේදී වන අතර දෙපාර්ශ්වයේම සාකච්ඡාවකින් පසු ණය සහනය ලබන වසරේ මාර්තු මාසය දක්වා දීර්ඝ කළ බව නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ප්‍රියන්ත රත්නායක මහතා රොයිටර්ස් පුවත් සේවයට පවසා තිබෙනවා.

ඩොලර් බිලියනයක ණය සහනයෙන් ඇමෙරිකා ඩොලර් මිලියන 350ක් ඉතිරිව ඇති අතර එය අවශ්‍ය පරිදී භාවිත කිරීමේ හැකියාව ද පවතිනවා.

hasiniek
By hasiniek මැයි 9, 2023 17:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්