fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හොරෙන් රට පනින්න ගිය ගමන වැරදෙයි – අද උදේ නැවත ලංකාවට

hasiniek
By hasiniek මැයි 9, 2023 15:49

හොරෙන් රට පනින්න ගිය ගමන වැරදෙයි – අද උදේ නැවත ලංකාවට

නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී , එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන ක්‍රිස්මස් දූපතෙහි රඳවා තබා සිටි ශ්‍රී ලාංකිකයන් 41 දෙනෙකු , එරටින් පිටුවහල් කර තිබෙනවා.

ඔවුන් අද (09 ) උදෑසන විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා ඇති බවයි අප ගුවන්තොටුපල වාර්තාකරු පැවසුවේ.

මොවුන්ගෙන් වැඩි පිරිසක් යාපනය සහ වාලච්චේන ප්‍රදේශ වල පදිංචිකරුවන් වන අතර , ඔවුන් ඕස්ට්‍රේලියාවට බහුදින ධීවර යාත්‍රා මගින් මුහුදු තරණය කර ගමන් කර ඇති බවටයි අනාවරණය කර ගෙන ඇත්තේ.

මෙම පිරිස භාර ගැනීම සදහා ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ උසස් නිලධාරීන් තිදෙනකු ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

මෙසේ පිටුවහල් කර එවූ ශ්‍රී ලාංකිකයන් සමග එරට ආරක්ෂක නිලධාරීන් විශාල පිරිසක් ද එම ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති බවද සඳහන්.

කටුනායක ගුවන් තොටුපළේ දී මෙම පිරිස ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් සහ එරට ආරක්ෂක නිලධාරීන් විසින් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දීමෙන් අනතුරුව ජාතික බුද්ධි තොරතුරු අංශය විසින් ද විමර්ශන කටයුතු සිදු කළා.

මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දීමට නියමිතයි..

එහිදී ඔවුන් මෙම පිරිසෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවද සදහන්.

hasiniek
By hasiniek මැයි 9, 2023 15:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්