fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බංගලාදේශයේ ආර්ථිකය අවධානමක

hasiniek
By hasiniek මැයි 9, 2023 14:37

බංගලාදේශයේ ආර්ථිකය අවධානමක

බංගලාදේශයේ විදේශ සංචිත ප්‍රමාණය තවදුරටත් පහළ වැටීම හරහා එරට ආර්ථිකය අවධානමකට ලක්ව ඇති බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු අඟවනවා.

ගෝලීය ආර්ථික අර්බුද හා උද්ධමනය හමුවේ විදේශ සංචිත ප්‍රමාණය පහළ වැටීමත් සමග බංගලාදේශ ආර්ථිකය මෙලෙස අවධානමකට මුහුණ දී සිටිනවා.

පසුගිය ජනවාරි මාසයේ දී බංගලාදේශය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇමෙරිකා ඩොලර් මිලියන 4.7ක මූල්‍ය පහසුකමක් ලබා ගැනීමට ගිවිසුම් ගත වුනු අතර එහි පළමු වාරිකය යටතේ ඇමෙරිකා ඩොලර් මිලියන 476ක මුදලක් ලැබී තිබෙනවා.

එහි දෙවන වාරිකය එළඹෙන නොවැම්බර් මාසයේ දී ලැබීමට නියමිතයි. මේ වන විට බංගලාදේශයේ විදේශ සංචිත ප්‍රමාණය ඇමෙරිකා ඩොලර් බිලියන 29.86ක් වන අතර වසර 7කින් වාර්තා වු අවම අගය ද එය වනවා.

hasiniek
By hasiniek මැයි 9, 2023 14:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්